මොනවාද මේ ජනශ්‍රැති ?
පරම්පරාවෙන් පරම්පරාවට, මුඛ පරම්පරාගතව පැවත එන මානව දැනුම් සම්භාරය ජනශ්‍රැතියයි.අපේ පැරණි සිංහල ජන සමාජය තුළ ජන කලා, ජන ගී , ජන ගායනා , ජන කවි , ජන කතා, ජන ආගම , ජන ඇදහිලි , ජන විශ්වාස , ජන ක්‍රීඩා , ජන වෙදකම , ජන වහර ආදී වූ විවිධ ජන අංගයන් පැවතිය. මේ සියල්ල එක්ව ගත් කල එය ජනශ්‍රැතිය ලෙස හැදින්වේ.
හේන් පැලේ, කමතේ තම එදිනෙදා ජීවනෝපායන්හි නියැලි මිනිසා, පාළුව කාන්සිය මකාගැනීමටත් විනෝදාස්වාදය උදෙසාත් ජන කවි ගායනා කළහ. ජන කවි ගත් කල ඒවායෙහි විවිධ ජන කවි වර්ග පවතී.
නිදසුන් ලෙස පැල් කවි, ගොයම් කවි ,කරත්ත කවි, පාරු කවි , කුරක්කන් කවි , ඔලිඳ කවි , ලී කෙළි කවි , දරු නැළවිලි , ඔන්චිලි වාරම් කවි ආදිය පෙන්වා දිය හැකිය.
1. පැල් කවි
පැලේ පැදුර සුලඟට වැනි වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිදි සිදීයෝ
වෙලේ ගොයම පින්නට පැසි පැසීයෝ
අපේ මෙවන් දුක දෙවිදුට පෙනීයෝ
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර මැස්සේ එහි බුදියනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
2.ගොයම් කවි
අව්ව බොහොම සැරත් වගෙයි
අපට ඇඹුල ගෙනත් වගෙයි
බඩගිනි දැන් වැඩිත් වගෙයි
ගොඩට යන්න හොඳත් වගෙයි
ගොයම් කපා ඉවර වුණා
ඉර දෙයියෝ පියිට වුණා
ගොවි රාළට සෙතක් වුණා
අපේ සිතත් සතුටු වුණා
3.පාරු කවි
ගමන් යන්ඩ නැකතින් පාරු පැද ගෙනේ
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳ ගෙනේ
මෙවන් කළු ගඟේ කඳු මුල් බලා ගෙනේ
අපිත් යමුව සැම දෙවියන්ට වැඳ ගෙනේ
මලේ මලේ ඔය නා මල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බ්රුලෙන් තබා වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්
4.කරත්ත කවි
සසඳ සසඳ හඳ පානේ අපි යනවා
මම්මල බඳව ගොන් බානක් දක්කනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
දත් කැකුළට අපි කුරුණෑගල් යනවා
සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට නාරම්මල ලතවෙනවා
කොළඹ කොටුවෙ කොටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ
5. කුරක්කන් කවි
හේනේ පැලේ මා විදිනා සුරුක්කන්
ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්
වැටටත්උඩින් උන් අල්ලන මලක්කන්
අපොයි මගේ කිරි වදිනා කුරක්කන්
එපෙති දෙපෙති මහ හේනේ කුරක්කන්
මඟ යන්නෝ මට සරදම් කරක්කන්
එපෙති වෙන්ඩ කවුදැයි කළ නරක්කන්
කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්
6. නෙළුම් කවි
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්
සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත් දුරුකර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර
7. සංවාදාත්මක කවි
ප්‍රශ්නය ; අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙක් නැතිව නුඹ තනියම කිම්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ
පිළිතුර ; අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හන්දා
බාල මස්සිනා පස්සෙන් එන හන්දා
යන්නං අයියණ්ඩි ගම රට දුර හන්දා
තනිපංගලමේ යන තරුණියකගෙන් සල්ලාල තරුණයෙකු අසන පැනයක් සහ තරුණිය එයට ලබාදෙන පිළිතුරක් මෙම කවෙහි අන්තර්ගත වේ.
8. උපදේශාත්මක කවි
කළේ අරන් ළිඳ ළඟ ගොස් සිටිනු එපා
පිලේ පැදුර හිමි නැති කල තබනු එපා
කැලේ ගොසින් තනියම දර බිදිනු එපා
කුලේ නැසෙන වැඩකට ඉඩ තබනු එපා
මල්ලියේ ඔහොම නොකියන් අපේ අම්මා ට
දෙතනේ කිරි දුන්නෙත් අප දෙන්නා ට
තිබෙන දෙයක් දෙන්නෙත් අප දෙන්නා ට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මා ට
ජන කතා
ඔන්න එකෝමත් එක කාලෙක කටුකැලියාවේ දෙයියෝ නමින් ප්‍රසිද්ධ වුණු දෙවි කෙනෙක් හිටියා. මේ කටුකැලියාවේ දෙයියෝ හරිම බලගතු කෙනෙක්.ඔහු යමක් කරන්න ඕන කියලා හිතුනොත් ඒදේ කරන කෙනෙක්.
මේ කටුකැලියාවේ දෙයියන්ගේ දේවාලේ වැඩ කරන කපු මහත්තයෙක් හීටියා. දවසක් ඔහු දේවාලෙදි උඩැක්කි ගහන ගමන් බුලත් යහනක තිබිලා රුපියලක් ගත්තා. කළබලේට කපුරාළ අර රුපියල ඉණ පටියට තද කරගත්තා.
දේවාලෙ කටයුතු අහවර වෙලා හැමෝම එහාට මෙහාට ගියා. කපුරාළාට එතකොටයි මතක් උනේ උදේ බුලත් යහනෙන් අරගෙන ඉණ පටියට තද කරගත්තු රුපියල. කපුරාළ රුපියල දිහා බැලුවා. හරිම පුදුමයි. රුපියළ ගන්න බෑ.ඒක පටියට තද වෙලා ඇඟට ඇලිලා. කපුරාළ ගෙදර ගිහිල්ලත් උත්සාහ කළා එත් උත්සාහය සාර්ථක උනේ නෑ. දින හතක්ම මේ විදියට කාසිය සිරුරට ඇලිල තිබුනා.
ජන කතා
දෙවියන්ට හොරකම අහුවුණු හැටි
ඔන්න එකෝමත් එක කාලෙක කටුකැලියාවේ දෙයියෝ නමින් ප්‍රසිද්ධ වුණු දෙවි කෙනෙක් හිටියා. මේ කටුකැලියාවේ දෙයියෝ හරිම බලගතු කෙනෙක්.ඔහු යමක් කරන්න ඕන කියලා හිතුනොත් ඒදේ කරන කෙනෙක්.
මේ කටුකැලියාවේ දෙයියන්ගේ දේවාලේ වැඩ කරන කපු මහත්තයෙක් හීටියා. දවසක් ඔහු දේවාලෙදි උඩැක්කි ගහන ගමන් බුලත් යහනක තිබිලා රුපියලක් ගත්තා. කළබලේට කපුරාළ අර රුපියල ඉණ පටියට තද කරගත්තා.
දේවාලෙ කටයුතු අහවර වෙලා හැමෝම එහාට මෙහාට ගියා. කපුරාළාට එතකොටයි මතක් උනේ උදේ බුලත් යහනෙන් අරගෙන ඉණ පටියට තද කරගත්තු රුපියල. කපුරාළ රුපියල දිහා බැලුවා. හරිම පුදුමයි. රුපියළ ගන්න බෑ.ඒක පටියට තද වෙලා ඇඟට ඇලිලා. කපුරාළ ගෙදර ගිහිල්ලත් උත්සාහ කළා එත් උත්සාහය සාර්ථක උනේ නෑ. දින හතක්ම මේ විදියට කාසිය සිරුරට ඇලිල තිබුනා.
" මෙහාට වරෙන් - උඹ ගත්තු රුපියළ තියාපන් බුලත් යහනෙන්. " දෙයියෝ එහෙම කියන්න පටන් ගත්තා. කපුරාළට හරිම පුදුමයි . ඒ වගේම ලැජ්ජයි.
ඇඟේ ඇලුනු රුපියල ගැන දැන් හැමෝම දන්නවා.ඒ වෙලාවෙත් කපුරාළ ඇලිල තිබුනු රුපියල අතගාල බැලුවා. හරිම පුදුමයි. රුපියල අතට අවා . කපුරාළ රුපියල ආයෙත් බුලත් යහනෙන් තිබ්බේ ගොඩක් ගරු සරු ඇතිව. මේ සිදුවීම දැකපු ආරන්චි උණු උදවිය හැමෝම කටුකැලියාවේ දෙයියන්ගෙ හාස්කම් ගැන පුදුම වුනා .
මම පමණයි කුකුළා
සිංහල රජෙකුට අන්දරේ නම් කවටයෙකු සිටියේ ය. සෑම තැනකදීම සිනහ උපදවන කවටකම් කරන්නට හේ දක්ෂයෙකි.දවසක් රජුගේ අදිකාරම්වරු මේ අන්දරේ පරදවන්නට රහසින් කතා කර ගත්තෝය.
" අපි අන්දරේ සමග ගඟට නාන්නට යමු..එක් එක්කෙනා කුකුළු බිජුවක් සගවා ගෙන ගිය යුතුය.නාන විට, දිය යට ගොස් කුකුළු බිජුවක් ගෙනෙන්නට කතිකා කර ගමු..." මේ අදිකාරම්වරු රහසින් කතා කරගත් කතාවය.
"නාන්නට යමු... " යි කී කල අන්දරේද "හොඳයි.. " කියා පිටත් විය. සියල්ලෝම ගොස් ස්නානය සඳහා ගඟට බැස්සෝය.
"දිය යට ගොස් කුකුළු බිජුවක් ගෙනෙන්නට පුළුවන් කාටද? " යි මහ අදිකාරම්තුමා විමසා සිටියේය. "මට පුළුවන්.. මට පුළුවන්.." කියා අදිකාරම්වරු සියල්ලෝම කීහ. ඔවුන්ගේ ප්‍රයෝගය අන්දරේ නොදැන " මටත් පුළුවනි "යි කීය.
සියල්ලෝම දිය යට ගොස් යළි උඩ මතු වූහ.අදිකාරම්වරු අත් දික් කොට කුකුළු බිත්තර පෙන්නුවෝය. එවිට අන්දරේට ඔවුන්ගේ ප්‍රයෝගය තේරුණේය.
කුකුළෙකු අත්තටු ගසන්නා සේ, හේ අත් දෙක දියෙහි ගසා " කුක්කු කූ කූ..කවුරුත් කිකිළියෝ ! මම පමණයි කුකුළා ..!!! " යනුවෙන් කීය.
අදිකාරම්වරු මහත් ලැජ්ජාවට පැමිණියෝය. ඔවුහු ඒ බැව් නොහඟවා , මහත් කොට සිනාසුනෝය. !
ජන ක්‍රීඩා
විවේකය ගත කිරීම සඳහා පුරාණ ජනයා විවිධ උපක්‍රම භාවිතා කළේය.මේවා ජන ක්‍රීඩා ලෙස හදුන්වනු ලැබීය. බොහෝවිට ජන ක්‍රීඩා නිර්මාණය වූයේ ආර්ථික හා සාමාජීය ජීවිතය සමග අනුබද්ධ වෙමිනි. කෘෂිකර්මාන්තය පදනම් වූ ශ්‍රී ලාංකීය සමාජයේ කොළ මැඩිමෙන් පසු ටික කලක් හිස් වෙන කමත භාවිතා කරමින් විවිද ක්‍රීඩා ඉසව් නිර්මාණය කර ගත්හ. එළුවන් පැනීම ,අංකෙළිය වැනි ක්‍රීඩා ඒ අතර ප්‍රධාන වේ.
එමෙන්ම සිංහල හින්දු අලුත් අවුරුද්ද ආශ්‍රයෙන් නිර්මාණය වූ ජන ක්‍රීඩා බොහොමයක් දැකිය හැකිය. උදාහරණ ලෙස,
- ලිස්සන ගහේ නැගීම
- කොට්ටපොරය
- පංච දැමීම
- ඔලිඳ කෙලිය
- කඹ ඇදීම
මෙම ජන ක්‍රීඩා සමග මිශ්‍ර වුනු ජන ඇදහිලි , ජන විශ්වාස ආදිය ද දක්නට ලැබේ. උදාහරණක් ලෙස,
උඩරට ප්‍රදේශයේ ඉතා ප්‍රචලිත අංකෙළිය හෙවත් අං ඇදීම නිර්මාණය වූයේ පත්තිනි දෙවියන් සහ පාලග කුමාරයන් අතර පලතුරු නෙලීමෙන් ඇති වූ එක්තරා සිදුවීමක් නිසා යැයි විශ්වාසයක් පවතී.එම නිසා මෙය පත්තිනි දෙවියන්ගේ ක්‍රීඩාවක් ලෙස සළකා එම ඇදහිලි හා විශ්වාස ද මුසුව ක්‍රීඩාවේ දේ.
බොහෝ ජන ක්‍රීඩාවන් ඇරඹෙන්නේ දෙවියන් යැදීමෙන්, දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනයෙන් බව දක්නට ලැබේ. මෙම ජන ක්‍රීඩා තිළිණ මානවයාගේ ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තිය ද ඉතා ප්‍රබල ලෙස දියුණු වන බව පැහැදිළි කරුණකි.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තා පිරුළු නම් තැනට සුදුසු කියමනයි.අපේ ජනවහරේ ප්‍රස්තා පිරුළු බහුලව භාවිතා වේ. බිහි වූ අකාරය අනුව ඒවා වර්ග වේ.
- වෘතාන්ත පිරුළු
- කළුවා මාරපන් ගියා වගෙයි.
- ගමරාළ සිල් ගත්තා වගෙයි.
- හතර බිරි කතාව වගෙයි.
- කටුස්සාගේ කරේ රත්තරන් බැන්ද වගෙයි.
- හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගෙයි.
- පරංගියා කෝට්ටේ ගියා වගෙයි.
- සාරධර්ම පිරුළු
- ගලේ කෙටූ අකුර වගෙයි.
- නරියා පඹ ගාලේ පැටළුනා වගෙයි.
- අඟේඉඳන් කන කනවා වගෙයි.
- නගපු ඉනිමගට පයින් ගහනවා වගෙයි.
- අශ්වයාට අo ලැබුණා වගෙයි.
- උරුලෑවා ගිය පාර වගෙයි.
Comments
Post a Comment