මොනවාද මේ ජනශ්රැති ?
පරම්පරාවෙන් පරම්පරාවට, මුඛ පරම්පරාගතව පැවත එන මානව දැනුම් සම්භාරය ජනශ්රැතියයි.අපේ පැරණි සිංහල ජන සමාජය තුළ ජන කලා, ජන ගී , ජන ගායනා , ජන කවි , ජන කතා, ජන ආගම , ජන ඇදහිලි , ජන විශ්වාස , ජන ක්රීඩා , ජන වෙදකම , ජන වහර ආදී වූ විවිධ ජන අංගයන් පැවතිය. මේ සියල්ල එක්ව ගත් කල එය ජනශ්රැතිය ලෙස හැදින්වේ. හේන් පැලේ, කමතේ තම එදිනෙදා ජීවනෝපායන්හි නියැලි මිනිසා, පාළුව කාන්සිය මකාගැනීමටත් විනෝදාස්වාදය උදෙසාත් ජන කවි ගායනා කළහ. ජන කවි ගත් කල ඒවායෙහි විවිධ ජන කවි වර්ග පවතී. නිදසුන් ලෙස පැල් කවි, ගොයම් කවි ,කරත්ත කවි, පාරු කවි , කුරක්කන් කවි , ඔලිඳ කවි ...